පලස්තීනය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය නතර කරන ලෙස ඉල්ලමින් ඊයේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පවත්වා තිබෙනවා.
මෙහි දී ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ ළමුන් විශාල වශයෙන් ජිවිතක්ෂයට පත් වීම සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස විරෝධතාකරුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ලෝක බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.
මෙම නිහඩ විරෝධතාවයට සිවිල් සමාජ නියෝජිතයින් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් රැසක් සහභාගී වී සිටි බවයි වාර්තා වෙන්නේ.
මෙම විරෝධතාව අතරතුර මාධ්‍යවේදීන් අමතමින් අතුරුදහන් වූ ශ්‍රී ලාංකික මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ කියා සිටියේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් වගකිව යුත්තන් විසින් යුද්ධය නැවැත්වීමට හෝ යුද්ධය හේතුවෙන් පීඩාවට පත් වී සිටින ළමයින්, කාන්තාවන් සහ රෝගීන් ඉන් මුදවා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර නොමැති බවයි.


