අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.

එහි දැක්වෙන්නේ අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 323.05 ක් ලෙස සහ විකුණුම් මිල රු. 333.14 ක් ලෙස සටහන්ව ඇති බවයි.

එසේම ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද අවප්‍රමාණය වී තිබෙනවා.