ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේනදයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනය අද පස්වරු 4.00 සිට හෙට (22) අලුයම 1.00 වන තෙක් එය වලංගු වනු ඇත.
එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාවත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.
එසේම ඇතම් ස්ථානවලට මි.මී 75 වැඩි තරමක තද වැසි ද අපේක්ෂා කළ හැකි වනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

