හදිසි ආපදා තත්ත්වයන් දැනුම් දෙන්න අංකයක්

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇති වී තිබෙන හදිසි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුම් දීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 117 හදිසි ඇමතුම් අංකයට අමතා ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව යි.

එම හදිසි ඇමතුම් අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වනවා.