ගාසා තීරයේ නොමේරු දරුවන් සඳහා හදිසි ප්‍රතිකාර

ගාසා තීරයේ උපන් නොමේරු දරුවන් 31 දෙනෙකු එහි ප්‍රධාන රෝහල වන අල් ෂිෆා රෝහලෙන් ඉවත් කොට හදිසි ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි ප්‍රධානි Tedros Adhanom Ghebreyesus සඳහන් කර ඇත්තේ ගාසා තීරයේ සෞඛ්‍ය සේවයන්ගේ උදාර වැඩ කටයුතු හේතුවෙන් තමන් නිහතමානිව ආඩම්බර වන බවයි.

මේ වන විට අල්-ෂිෆා රෝහලෙහි කාර්යය මණ්ඩලය සහ මිනිසුන් 200ක් පමණ දෙනා සිටින බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඔවුන්ද ඉක්මනින් රෝහලෙන් පිට කිරිමට් අවශ්‍ය පියවර ගනිමින් පවතින බව වාර්තා වෙනවා.