එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උතුරු ගාසා තීරයේ පවත්වා ගෙන යන අල්-ෆකුරා නම් පාසලකට ඊශ්රායල ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
ජබාලියා සරණාගත කඳවුරේ පිහිටි මෙම පාසලට එල්ල වූ ප්රහාරයෙන් ළමයින් ඇතුළු සිවිල් වැසියන් 50 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර ඊශ්රායල හමුදා විසින් කරන ලද අණ කිරීමකට අනුව, Al-Shifa රෝහලේ රැඳී සිටි රෝගීන් ඇතුළු සිය ගණනක් ගාසා තීර වැසියන් එම රෝහලෙන් පිට වී තිබෙනවා.
පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ (UNRWA) ප්රධානී Philippe Lazzarini පැවසුවේ මෙලෙස සිවිල් වැසියන් ඉලක්ක අකර ගනිමින් එල්ල කරන ප්රහාර නැවත්වීමට හැකි උපරිමයෙන් කටයුතු කළ යුතු බවයි.
කෙසේවෙතත් ඊශ්රායල ආරක්ෂක හමුදාව (IDF) සඳහන් කළේ හමාස් සංවිධානයේ මරමස්ථාන වන ජබාලියා ඇතුළු ගාසා තීරයේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කරන බවයි.

