මෙවර අයවැයෙන් රජයේ සේවකයන්ට රුපියල් දහදාහක් දුන් නමුත් ඔවුන්ට රුපියල් 13,200ක් බදු ගෙවන්නට සිදු වී ඇති බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී අශෝක් අබේසිංහ පවසනවා.
එසේම රජයේ නොවන රැකියා කරන පුද්ගලයන්ට කිසිදු පඩි වැඩි කිරීමකින් තොරවම අදාළ බදු මුදල් ගෙවීමට සිදු වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
මේ හෙතෙම පාර්ලිමේන්තුවේ දී දැක්වූ අදහස්,
“ලයිට් බිල සියයට හාරසිය ගුණයකින් වැඩිවෙලා. සෑම බඩුමිල තුන් ගුණයකින් වැඩි වෙලා. ඉතින් මේ රජයේ සේවකයන්ට දහදාහ දෙන එක අපිට පේන්නෙ මේ පැත්තෙන් දීල ඒ පැත්තෙන් ගන්නවා කියලා. ඉන්ධන ඇතුළු සෑම දෙයක්ම ජනවාරි සිට වැඩිවෙනවා.
මේ කාරණාත් එක්ක කොහොමද මිනිස්සු ඔලුව උස්සන්නේ?”

