අද සිට ඩෙංගු මර්දන රාජකාරි වලින් ඉවත්වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සහ ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මඟින් දැනුම්දී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටියේ.
ඒ අනුව ලබන 22 වනදා සිට සියලුම බෝවන රෝග පාලන කටයුතුවලින් මෙන්ම දෙසැම්බර් මස පළමු වනදා සිට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමට ද තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

