ලෝක කුසලානයේ අවසන් පූර්ව තරඟ අද සිට

2023 ලෝක කුසලාන පිරිමි එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරඟ අද සිට ආරම්භ වනවා.

ඒ අනුව එහි පළමු තරඟය ඉන්දියාව සහ නවසීන්තය අතර තරගය වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

අවසන් පූර්ව වටයේ දෙවන තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකාණු කණ්ඩායම් අතර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ දී ලබන බ්‍රහස්පතින්දා පැවැත්වේ.

මෙම අවසන් පූර්ව වටවලින් ජයගන්නා කණ්ඩායම් දෙක එළඹෙන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.