විමසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

විමසුරේන්ද්‍ර ජලාශය අද උදෑසන සිට වාන් දමන බව ජලශ භාර ඉංජිනේරුවරුන් දැනුම් දෙනවා.

ඒ නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමගයි.

විමසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමත් සමඟම කැළණි ගගේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.