ෂාරුක් ලොව ධනවත්ම නළුවන් දස දෙනා අතරට

බොලිවුඩයේ රජු ලෙස සැලකෙන ජනප්‍රිය නළු ෂාරුක් ඛාන් ලෝක ධනවත්ම නළුවන් දස දෙනා අතරින් සිව්වන ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.

ඔහුගේ නිල වත්කම ඉන්දීය රුපියල් කෝටි 6,300ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 600ක් වන බවයි වාර්තා වෙන්නේ.

මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේ Tyler Perry. ඔහුගේ නිල වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 01ක් ලෙස දක්වා තිබෙනවා.

දෙවනුවට ලොව ධනවත්ම නළුවා ලෙස Jerry Seinfeld ද, තෙවනුව Dwayne Johnson ද මෙම ලැයිස්තුවේ සිටිනවා.

මෙම ලැයිස්තුවේ සිටින එකම ආසියානු නළුවා ෂාරුක් ඛාන් වන අතර ඉතිරි නළුවන් සියලු දෙනාම ඇමරිකානු සම්භවයක් දරනවා.