අපනයනය කිරීම සඳහා පලතුරු වගා කෙරෙන ගම්මාන පුළුල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
එහි එක අදියරයක් යටතේ මාතලේ මිනිපේ 3 සහ 4 ගොවි ජනපදවල ටොම් ඊ.ජේ.සී අඹ වගාව ප්‍රචලිත කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
එම ප්‍රදේශයේ තෝරාගත් පවුල් 55ක් වාණිජ අඹ වගාවට යොමු කෙරෙන අතර ඔවුන් සඳහා අඹ පැල 5,440 ක් සහ උපකරණ කට්ටල නොමිලේ ලබාදීමට නියමිත යි.

