පාකිස්තානයෙන් ආනයනය කළ මිරිස් කන්ටේනර් 25ක ඇෆ්ලටොක්සීන් විෂ රසායනික අඩංගුවීම හේතුවෙන් ඒවා නැවත හරවා යැවීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
මෙරට ව්‍යාපාරිකයන් පිරිසක් විසින් එම මිරිස් තොගය ආනයනය කර තිබූ බවයි වාර්තා වෙන්නේ.
මේ අතර ආහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටළු දැනුම් දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.
ඒ අනුව 0112112718 යන දුරකථන අංකය හරහා ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි වනවා.

