ගාසා හි අල්-ෂිෆා රෝහලේ සිට ආරක්ෂිතව ළදරුවන් ඉවත් කිරීම සඳහා උදව් කිරීමට තමන් එකඟ වූ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
BBC වාර්තා කරන්නේ අලුත උපන් බිලිඳුන් අවම වශයෙන් 20ක් පමණ එම රෝහලේ ශල්‍යාගාරයේ සිටින බවයි.
එම රෝහලේ විදුලි සැපයුම අඩාල වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකක වල සිටි ළඳරුවන් දෙදෙනෙක් මිය ගිය අතර තවත් බිලිඳුන් විශාල ප්‍රමාණයක ගේ ජිවිත අනතුරේ පවතිනවා.
අද දිනයේ පලස්තීන වේලාවෙන් පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා පැය 04ක සටන් විරාමය ක්‍රියාත්මක වන අතර ඊශ්‍රායල හමුදා දිගින් දිගටම පලස්තීන වැසියන්ට කියා සිටින්නේ හැකි ඉක්මනින් දකුණු ගාසා තීරය වෙත ගමන් කරන ලෙසයි.


