Gucci හි හිටපු විලාසිතා නිර්මාණ ශිලිපියෙක් වන Davide Renne මිය යයි

ඉතාලි විලාසිතා නිර්මාණ ශිල්පියෙක් වන Davide Renne (ඩේවිඩ් රෙන්) වයස අවුරුදු 46 දී ඉතාලියේ මිලානෝ නගරයේ දී මිය ගොස් තිබෙනවා.

මරණයට හේතුව කුමක් ද යන්න විදෙස් මාධ්‍ය නිශ්චිත වශයෙන් වාර්තා කර නොමැති අතර ඇති වූ හදිසි අසනීපයක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවයි Moschino ආයතනය සඳහන් කර තිබෙන්නේ

Renne, ප්‍රසිද්ධ නිමි ඇඳුම් සමාගමක් වන Gucci හි කාන්තා ඇඳුම් අංශයේ ප්‍රධානියා වී සිටි අතර ඔහු එහි වසර 20කට ආසන්න කාලයක් සේවය කරනු ලැබුවා.

Davide Renne 1977 ජූලි මාසයේදී ටස්කනි හි ෆොලෝනිකා හි දී උපත ලැබුවා.

Moschino සන්නාමයහි නිර්මාණ අධ්‍යක්ෂවරයා වී දින නවයකට පසු ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ මෙම සමුගැනීම විලාසිතා ලොව ඉමහත් කම්පනයට පත්කරවන පුවතක් ලෙස දැක්වෙනවා.