ඩෙංගු අධි අවදානම් කලාප ගණන ඉහළට

පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳඟා ලබන සඳුදා සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කරනවා.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් තවමත් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඩෙංගු වැළදීමෙන් 2023 වසරේ මේ දක්වා කාලය තුළ දී පමණක් පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් තිබෙන බවයි වාර්තා වෙන්නේ.