සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක්

ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්ත ව සිදු කිරීමට පියවර ගෙන ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ මෙම වැඩසටහනේ පළමු අදියර සඳුදා (නොවැ 13) සිට සෙනසුරාදා (නොවැ 18) දක්වා පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන බවයි.

එසේම තම දුරකථනයෙන් #132# අංකය ඇමතීමෙන් තමන්ගේ හැඳුනුම්පත් අංකය යටතේ ඇති දුරකථන අංකයන් දැනගැනීමේ හැකියාව පවතින අතර තමන් ගේ හැඳුනුම්පත් යටතේ තමන් නොදන්නා වෙනත් සිම්පත් ලියාපදිංචි වි ඇත්නම් එම සිම්පත් වහා අවලංගු කිරීමට කටයුතු කළ යුතු බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කරන්නේ.

තමන් එසේ සිදු නොකර එම සිම්පත හරහා යම් අවභාවිතාවක් සිදු කළහොත් එහි වගකිම තමන්ට දැරිමට සිදු වන බව එම කොමිසන් සභාව පෙන්වා දෙනවා.