ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර තිබෙනවා.
විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද විමසීමක් ඉල්ලමින් දිගින් දිගටම හඬ නැගූ අතර මෙහි දී සභාව ඇමතූ කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසූවේ යෝජනාව මුලදී ඒකමතිකව සම්මතවූ බවයි.
එසේ යෝජනාවට සභාවේ අනුමැතිය ඒකමතිකව ලැබී ඇති හෙයින් ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේවෙතත් මෙම අවස්ථාවේ දී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු සභා ගැබේ නොසිටීම විශේෂත්වයක්.

