ක්‍රිකට් ආයතනයට පිවිසීමේ මාර්ගය වසා දමයි

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය වසා දමා ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙට්ලන්ඩ් පාර, ටොරින්ටන් මංසන්ධියේ සිට ගමනාගමනය සහ මාර්ගයට ප්‍රවේශ වීම පොලීසිය විසින් වළක්වා තිබෙනවා.

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවක් වැළැක්වීම සඳහා මේ වන විට පොලීසිය සහ හමුදාව කැඳවා ඇති අතර, මේ හේතුවෙනුයි මාර්ගය තාවකාලික ව වසා ඇත්තේ.

මේ අතර, දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය අද පාර්ලිමේන්තුවේ දී මේ වන විට පැවැත්වෙනවා.

එහි ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිත යි.