ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 321.59 ක් ලෙස සහ විකුණුම් මිල රු. 331.96 ක් ලෙස සටහන් වී තිබෙනවා.
එසේම ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වල දැක්වෙන්නේ.

