සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නොවැම්බර් මැද

2022(2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේ මැද භාගය වනවිට දී නිකුත් කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ මැයි මස 22 දින සිට ජුනි මස 01 වැනි දින දක්වා පවත්වනු ලැබුවා.

විභාගයට අපේක්ෂකයන් 517,496ක් මුහුණ දී ඇති අතර ඉන් 407,129ක් පාසල් අයදුම්කරුවන් වනවා.

එසේම විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 590ක් ද මෙවර විභාගයට මුහුණ දී තිබෙනවා.