මෙවර මහ කන්නයේ වගා කටයුතු සඳහා ලබා දෙන සහනයක් වශයෙන් ඩීසල් නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පසුගිය යල කන්නයේ දී වගා හානි සිදු වූ ගොවීන්ට රුපියල් 17,000ක් වටිනා ඩීසල් නොමිලයේ ලබා දෙමු ඇත.
පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන් වෙත ලබාදෙන රුපියල් 15,000 සේ දීමනාවට අමතරව මෙම සහනය ද රජය විසින් ලබා දෙනු ලබනවා.
නියඟය හේතුවෙන් පසුගිය යල කන්නයේ වගා කළ අක්කර 65,000ක භූමි ප්රමාණයක් විනාශයට පත් වී තිබෙන බවයි සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ.

