2024 නව පාසල් වාරය පෙබරවාරි 19 සිට

2024 අධ්‍යන වර්ෂයට අදාළ නව පළමු පාසල් වාරය 2024 පෙබරවාරි 19 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරනවා.

2023 වසරට අදාළ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනි දිනෙන් අවසන් වන අතර එහි දෙවන අදියර පෙබරවාරි මස 2 වන දින ආරම්භ වීමට නියමිතයි.

එසේම 2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනි දින සිට පවත්වනු ඇත.