අද දිනයේ නවදිල්ලි නුවර වායු දූෂක අංශු ප්රමාණ්ය 483 ක් ලෙස සටහන් වන අතර එය ලොව පුරා ඉහළම වායු දූෂණ තත්ත්වය පෙන්නුම් කරනු ලබනවා.
විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ ඉදිරි දිනවල දී මෙම තත්ත්වය වඩාත් තීව්ර විය හැකි බවයි.
ගොවීන් විසින් සිය වගාවන්හි අපද්‍රව්‍ය ලෙස බැහැර කරන කොටස් පුළුස්සා දැමීම, අඩු සුළං වේගය සහ උත්සව සමයේදී රතිඤ්ඤා පිපිරවීම ඇතුළු විවිධ සාධක හේතුවෙන් මෙම කාලයේ දී දිල්ලියේ වායු දූෂණ තත්ත්වය ඉහළ යනවා.
මේ හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සියලුම ප්‍රාථමික පාසල් පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා වසා දැමීමට බලධාරීන් තීරණය කරනු ලැබුවා.

