උතුරු ගාසා තීරයේ තවමත් ලක්ෂ 4කට ආසන්න පිරිසක්

උතුරු ගාසා තීරයේ තවමත් 350,000-400,000 පමණ ජනතාවක් රැඳී සිටින බව එක්සත් ජනපද නියෝජිත ඩේවිඩ් සැටර්ෆීල්ඩ් පවසනවා.

ඊශ්‍රායලය විසින් උතුරු කොටසේ සිටින ජනතාවට යළි යළිත් ගාසා තීරයේ දකුණු කොටසට ගමන් කරන ලෙස අවධාරණය කිරීමත් සමඟ ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ දකුණු කොටසට ද ප්‍රහාර එල්ල කරන බැවින් ගාසා තීරයේ කිසිදු ස්ථානයක් ආරක්‍ෂිත නොවන බවයි.

මෙම ගැටුම් හේතුවෙන් මේ වන විට මිය ගිය පලස්තීන වැසියන් සංඛ්‍යාව 9,400 දක්වා ඉහළ ගොස් තිබෙනවා.