ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාදෙන බවට දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවරදී දෙරටේ රාජ්‍ය නායකයන් අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා ඵලදායි බවත් ඒ සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයා සිය කෘතඥතාවය ඵල කර ඇති බවත් එම ලිපියකින් සඳහන් කර තිබෙනවා.
දීර්ඝ කාලයක් පුරා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වීමට එම සාකච්ඡා ඉවහල් වන බව දකුණු කොරියානු ජනාධිපතිවරයා එම ලිපියේ පෙන්වා දී තිබෙන්නේ.
සාකච්ඡා වූ සියලු කරුණු පිළිබඳ සිය විශේෂ අවධානය යොමුව ඇති බවත්, ඊට අදාළ ඉදිරි පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් දුන් බවත් එහි සඳහන් වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කරන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට අදාළව මේ වන විට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය ඉහළ නැංවීම, දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළ ගිවිසුමකට කඩිනමින් දෙරට අතර අත්සන් තැබීම ඊට ඇතුළත් බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.

