සීනි සඳහා උපරිම සිල්ලර මිලක්

අද සිට ක්‍රියාත්මක වන පරිදි සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පැකට් නොකළ සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 275ක් සහ පැකට් කළ සීනි කිලෝ ග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 295ක් ද වනවා.

එසේම පැකට් නොකළ දුඹුරු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 330ක් සහ පැකට් කළ දුඹුරු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 350ක් ද වනවා.