ඊශ්‍රායල පලස්තීන ගැටුම් වලින් තවත් ශ්‍රී ලාංකිකයෙක් ජීවිතක්ෂයට

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර වූ ගැටුම් වලින් තවත් ශ්‍රී ලාංකිකයෙක් මිය ගොස් ඇති බව ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

එලෙස මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි සුජිත් බණ්ඩාර යත්වාරා නම් පුද්ගලයායි.

ඊශ්‍රායල පොලිසිය විසින් සොයාගත් නාඳුනන මළ සිරුරක DNA සාම්පල සහ සුජිත් බණ්ඩාරගේ දරුවන්ගෙන් ලබාගත් සාම්පල අතර සිදු කරන ලද ගැලපීමකින් මෙම මරණය තහවුරු වූ බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවේ.

මින් පෙර සුජිත් හමාස් සටන්කාමින් විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් අතර සිටී යැයි අනුමාන කළ නමුත් පසුව කරන විමර්ශන වල දී හෙළි වී ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි.

සුජිත් මෙම ගැටුම් වලින් මිය ගිය දෙවන ශ්‍රී ලාංකිකයා වනවා.