අද උතුරු පළාතේ වෛද්‍යවරු වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා රජයේ රෝහල්වල පළාත් මට්ටමින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අද උතුරු පළාතේ රෝහල්වල ක්‍රියාත්මක වනවා.

ඒ අනුව අද උතුරු පළාතේ රෝහල් කේන්ද්‍ර කරගනිමින් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වලත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

බදු බර, ජීවන වියදම, සෞඛ්‍ය අර්බුදය, විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමිනුයි මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන්නේ.