ආනයනික සීනි සඳහා වූ බදු මුදල ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා වූ බද්ද ශත 25 සිට රුපියල් 50 දක්වා විශාල ප්‍රමාණයකින් ඉහළ දමා තිබෙනවා.
මෙම නව බද්ද අද සිට වසරක කාලයක් දක්වා වලංගු වනු ලබනවා.
මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට වහාම පියවර ගන්නා බවයි.

