පසුගිය ඔක්තෝම්බර් මාසයේදී පමණක් සංචාරකයින් 100,000 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව මේ වසරේ දී එය 159% ක වර්ධනයක් බවයි එම අධිකාරිය පෙන්වා දෙන්නේ.
මේ අතරින් බහුතර සංචාරකයන් පිරිසක් ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ චීනය යන රටවලින් පැමිණ තිබෙන බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එසේම ඔස්ට්‍රේලියාව, මාලදිවයින, ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය සහ ස්පාඤ්ඤය යන රටවලින් ද සංචාරක පැමිණීම් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව 2023 ජනවාරි මස 01 දා සිට ඔක්තෝම්බර් මස 31 දක්වා සංචාරක පැමිණීම් 1,125, 455ක් වාර්තා වී තිබෙනවා.

