බ්‍රහස්පතින්දා අලුයම ඉන්දුනීසියාවේ නැගෙනහිර නුසා ටෙන්ගාරා ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
භූ කම්පාවේ අපිකෙන්ද්‍රය කිලෝමීටර 25ක් පමණ ගැඹුරින් වෙරළට ආසන්න වන ලෙස හඳුනා ගෙන ඇති අතර එය නුසා ටෙන්ගාරා පළාතේ කුපාන්ග් සිට කිලෝමීටර 15ක් දුරින් පිහිටා තිබෙනවා.
කම්පනය හේතුවෙන් නිවාසා සහ අනෙකුත් ගොඩනැගිලි වලට සුළු හානි සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේවෙතත් කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි ඉන්දුනීසියාවේ කාලගුණ විද්‍යා ඒජන්සිය දැනුම් දෙන්නේ.

