ඊශ්‍රායල පලස්තීන ගැටුම ඇරඹීමෙන් පසුව පළමු වරට රෆා දේශ සීමාව සිවිල් වැසියන් සඳහා විවෘත කර තිබෙනවා.
මේ හරහා විදේශ ගමන් බලපත්‍ර හිමියන් 335 දෙනෙකු සහ තුවාල ලැබූ පලස්තීනුවන් 76 දෙනෙකු මේ වන විට පිටව යාමට හැකි වී ඇති බවයි පලස්තීන බලධාරීහු පවසන්නේ.
ඒ අතර බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍ර හිමියන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මින් පෙර Rafah දේශසීමා හරස් මාර්ගය විවෘත කර තිබුණේ ගාසා තීරයේ සිටින පලස්තීනුවන්ට මානුෂීය ආධාර ලබා දීම සඳහා පමණි.

