අද සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය සේවා කමිටුවට සහ අධ්‍යාපන සේවා කමිටුවට නව සාමාජිකයින් පත් කර තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය සේවා කමිටුවේ සභාපති ධුරයට ටී.එම්.එල්.සී. සේනාරත්න මහත්මිය පත් කර ඇති අතර එහි සෙසු සාමාජිකයින් ලෙස වෛද්‍ය හපුගොඩ මහතා සහ නිමල් සරණතිස්ස මහතා පත්කර තිබේ.
වෛද්‍ය නිලධාරීන්, දන්ත වෛද්‍ය නිලධාරීන් හා ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් ප්‍රාථමික ශ්‍රේණියට පත්කිරීම, සේවය ස්ථිර කිරීම, වාර්ෂික ස්ථාන මාරු සිදුකිරීම සහ විනය කටයුතු සිදුකිරීම ඇතුළු කාර්යයන් රැසක් සෞඛ්‍ය සේවා කමිටුවට විසින් සිදුකරනු ලබනවා.
එසේම අධ්‍යාපන සේවා කමිටුවේ නව සභාපතිවරයා ලෙස ජේ.ඒ. රංජිත් මහතා පත්කර තිබේ.
එම කමිටුවේ සෙසු සාමාජිකයින් වනුයේ එම්.එන්.කේ. වීරසිංහ මහත්මිය සහ ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා යි.
ඉහත සියලු පත් කිරීම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් වසර දෙකක කාලයක් සඳහා සිදු කර තිබෙනවා.

