ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට ජෙට් යානා ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර තිබෙනවා.
ඊශ්‍රායල හමුදා පවසන්නේ ප්‍රහාරයෙන් හමාස් අණ දෙන නිලධාරියෙකු මිය ගොස් හමාස් ත්රස්තවාදීන් භාවිත කළ භූගත බංකර ද විනාශ වූ බවයි.
කෙසේවෙතත් මෙම ප්‍රහාරය හේතුවෙන් සිවිල් පුද්ගලයන් 50කට අධික සංඛ්‍යාවක් ද මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම ජබාලියා සරණාගත කඳවුර ගාසා තිරයේ උතුරු ප්‍රදේශයේ එනම් ඊශ්‍රායල හමුදා විසින් සිවිල් වැසියන්ට ඉවත් වන ලෙස අනතුරු අඟවන ලද ප්‍රදේශයේ පිහිටා තිබෙනවා.
මේ අතර ඊශ්‍රායලයට සැතපුම් සිය ගණනක් ගිනිකොන දෙසින් පිහිටි යේමනයේ වූ හූති සටන්කාමීන් විසින් ඊශ්‍රායලය දෙසට බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා විශාල ප්‍රමාණයක් දියත් කර ඇති බව සඳහන් වෙනවා.

