අද සිට ක්රියාත්මක වන පරිදි Sinopec ඉන්ධන මිලත් වෙනස් කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව රුපියල් 358ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රු. 2 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356 ක් වනවා.
රුපියල් 420ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එය රුපියල් 423 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම රුපියල් 348ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356ක් ලෙස දැක්වෙනවා.
එසේම රුපියල් 417ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 14කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 431ක් ලෙස දැක්වෙනවා.
මෙම මිල සංශෝධනයට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සහ සිනොපෙක් සමාගමේ ඉන්ධන මිල ගණන් සමාන වී තිබෙනවා.


