අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 9කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 356කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 423කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356කි.
සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 431ක් වෙයි.
භූමිතෙල් ලීටරයක් රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 249කි.
මිල සංශෝධනය සාරාංශයක් ලෙස පහතින්,

