උද්ධමනයේ ඉහළ යෑමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝබර් මාසයේදී උද්ධමනයේ වැඩි වීමක් නිරීක්ෂණය වන බව ජන සංඛ්‍යාලේඛන දෙපර්තමේන්තුව නිවේදනය කරනවා.

2023 වසරේ සැප්තැම්බර් මාසයේදී 1.3% ක්ව පැවති උද්ධමනය ඔක්තෝම්බර් මාසයේ දී 1.5% ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ආහාර කාණ්ඩයේ උද්ධමනයේ වෙනසක් සිදු වී නොමැති අතර – 5.2ක් ලෙස ඔක්තෝම්බර් මාසයේ දී ද සටහන් වී තිබෙනවා.

කෙසේවෙතත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2023 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ 4.7% සිට 4.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට අදාළ සම්පූර්ණ වාර්තාව http://www.statistics.gov.lk/WebReleases/CCPI_20231031E හරහා ලබා ගතා හැකි වේ.