ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ 24ක ඩෙංගු අවදානම් තත්ත්වයක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවා තිබෙනවා.

2023 වසරේ මේ දක්වා කාලය තුළ සමස්ත ඩෙංගු රෝගීන් 68,114ක් වාර්තා වී ඇති බව තිබෙනවා.

එසේම ඔක්තෝම්බර් මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 3631 දෙනෙකු වාර්තා වී ඇති අතර එය පසුගිය මාසයට සාපේක්ෂව රෝගීන් දහසකට ආසන්න වැඩිවීමක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණ කළේ.