සටන් විරාමයක් අනවශ්‍ය බව ඇමරිකාව කියයි

ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සඳහා වන ගෝලීය ඉල්ලීම එක්සත් ජනපදය විසින් දැනට ඇති නිවැරදිම විසඳුම එය නොවන ලෙස පවසමින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සටන් විරාමයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල ද සඳහන් කර තිබෙන්නේ හමාස් ත්‍රස්තවාදීන් සම්පූර්ණයෙන් අතුගා දමන තුරු සිය ප්‍රහාර නතර නොකරන බවයි.

එසේම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ සටන් විරාමයක් යනු ඊශ්‍රායලය පලස්තීනයට සහ එහි ත්‍රස්තවාදයට යටත් වීමක් වන බවයි.

මේ වන විට ගාසා තීරයේ මිලියන 2.2 ක් පමණ වූ පදිංචිකරුවන් සඳහා ආහාර, ජලය, ඉන්ධන සහ ඖෂධ සැපයීම ඉතාම අවම මට්ටමින් සිදු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ එම ආධාර ප්‍රමාණවත් නොවන බවයි.

ඒ හේතුවෙන් දේශසීමා හරහා ගමන් ගන්නා ආධාර රැගත් ට්‍රක් රථ සංඛ්‍යාව දිනකට 100 පමණ දක්වා වැඩි කිරීමට අවශ්‍ය සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නවතන දත්ත වලට අනුව ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ වැසියන් 8300 කට අධික සංඛ්‍යාව මිය ගොස් තිබෙනවා.