ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතන තත්ත්වයත් සමග තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, දෙහිඕවිට, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය සහ කෑගල්ල ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම සහ පොල්ගහවෙල සඳහා පළමු මට්ටමේ නායෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රදේශය සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

තවද මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම ප්‍රදේශ සඳහන් නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම දෙවන මට්ටම දක්වා වර්ධනය කර ඇත.