ලොව පුරා ක්‍රිකට් ලෝලීන් විසින් ‘පර්සි අංකල්’ ලෙසින් හඳුන්වනු ලබන ශ්‍රී ලංකා චියර් සංචිතයේ නායක පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 87 වියෙහි පසු වූ අතර කලක සිට අසනීප තත්ත්වයකින් ද පෙළී සිට තිබෙන බවයි වාර්තා වෙන්නේ .
පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය විසින් පර්සි අබේසේකරගේ මහතාගේ ප්‍රතිකාර සහ අවශ්‍ය කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 5 ක මුදලක් ද පිරිනමා තිබෙනවා.
1979 වසරේදී පැවති ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තරඟයේ දී ඔහු මුල් වරට සිංහ කොඩිය රැගෙන ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීම සිදු කර තිබෙනවා.
ඔහු අසනීප තත්වයේ සිටියදිත් ඔහු මාධ්‍යට ප්‍රකාශ කළේ ” මම කොච්චර වයසට ගියත් අවසානය දක්වා ලංකාවට චියර් කරනවා. මේ ආත්මයේ විතරක් නෙමෙයි, ලබන ආත්මයෙත් මම චියර් කරනවා.” යනුවෙනුයි.


