එළැඹෙන අයවැය යෝජනාවලිය මගින් සියලු රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.
දිනෙන් දින බඩු මිල වැඩිවන පසුබිමක වැඩ කරන ජනතාවගේ වැටුප්ද ඉහළ නැංවීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවයි ජනාධිපතිවරයා එහි දී සඳහන් කර තිබෙන්නේ.
එසේම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමට ද ඉල්ලා සිටින බවයි හෙතෙම පවසන්නේ.

