අද දිනය තුළ මේ වන විට දුම්රිය ගමන් වාර 12ක් පමණ අවලංගු කර ඇති බව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එලෙස අවලංගු කරන ලද දුම්රිය ගමන්වාර අතරට අද උදෑසන සහ සවස ධාවනය වන කාර්යාල දුම්රිය ද ඇතුළත් වනවා.
දුම්රිය නියාමකවරුන් අද දින සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදු වී තිබෙනවා.

