ශ්‍රී ලංකාවේ මරණ අනුපාතයේ ක්‍රමික වර්ධනයක්

පසුගිය වසර දෙකක කාලය තුළ මෙරට තුළ සිදුවන මරණවල ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් සඳහන් කරන්නේ 2012 වසරේ ජුලි සිට 2013 වසරේ ජුනි දක්වා මෙරට තුළ ලියාපදිංචි මරණ සංඛ්‍යාව 125,626ක් ලෙස වාර්තා වුවද 2022 වර්ෂයේ ජුනි මාසයේ සිට 2023 වර්ෂයේ ජුනි මාසය දක්වා මෙරට තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 190,600ක් බව වාර්තා වන බවයි.

එසේම 2022 වර්ෂයට වඩා 2023 වර්ෂයේ දී මෙරට මධ්‍ය වාර්ෂික ජනගහණය 144,345ක් දක්වා අඩුවී තිබෙන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

උපත්වල ක්‍රමික අඩුවීමක් පෙන්නුම් කරන අතර මරණවල ක්‍රමික වැඩිවීමක් තිබීම ඊට හේතුව ලෙසයි දෙපාර්තමේන්තුව පවසන්නේ.