90 දශකයේ ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වූ Friends හි wisecracking Chandler Bing චරිතයට පණ පෙවූ ඇමරිකාවේ මැතිව් පෙරී මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.
ලොස් ඇන්ජලීස් හි පිහිටි ඔහුගේ නිවසේ උණුසුම් තටාකයක තිබී ඔහුගේ සිරුර හමු වූ ඇති අතර මිය යන විට ඔහුගේ වයස අවුරුදු 54කි.
1969 දී මැසචුසෙට්ස් හි උපත ලද පෙරී කැනඩාවේ ඔටාවා හි දී සිය ළමා කාලය ගත කර තිබෙනවා. එහි දී කැනඩාවේ අගමැති බවට පත් වූ ජස්ටින් ටෘඩෝ සමඟ ප්‍රාථමික අධ්‍යාපනය හදාරා තිබෙනවා.
සිය මිත්‍රයාගේ හදිසි මරණය සම්බන්ධයෙන් හිටපු කැනඩා අගමැති ටෘඩෝ විසින් X හි ශෝක පණිවිඩයක් ද එක් කර තිබෙනවා. එහි දී ඔහු පවසා තිබෙන්නේ මැතිව් පෙරීගේ අභාවය ඉතා කණගාටුදායක බවත්, ඔවුන් කුඩා කළ පාසලේ දී සිදු සෙල්ලම් කළ ආකාරය කිසිදා අමතක කළ නොහැකි බවත්ය.
එසේම පෙරී ලෝකයේ සියලු දෙනාගේ ආදරය දිනා ගෙන ඇති අතර ලෝකය ඔහුව සැමදාම මතකයේ රඳවා ගන්නා බවයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
පසුකාලීන ව වේදනා නාශක සහ මත්පැන්වලට ඇබ්බැහි වී සිටි පෙරී, ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර පවා ලබාගෙන තිබිණි.
වරක් ඔහු BBC හි පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී සඳහන් කර තිබෙන්නේ එම ඇබ්බැහි වීම නිසා Friends කතා මාලාවේ ඇතැම් කොටස් සිය මතකයෙන් ගිලිහි ගොස් ඇති බවයි.
පෙරී Fools Rush In, Almost Heroes සහ The Whole Nine Yards ඇතුළු චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වූ නමුත් ඒ කිසිවක් Friends තරම් සාර්ථක නොවූ බවයි විචාරකයන් පවසන්නේ.


