රට පුරා සියලුම රාජ්ය සේවකයෝ ඔක්තෝම්බර් මස 30 වන දා එනම් ලබන සඳුදා දැවැන්ත වැඩ වර්ජන හා විරෝධතා ක්රියාවලියකට සූදානම් බව වෘත්තීය සමිති ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ වැටුප රුපියල් විසි දහසකින් වැඩි කරන ලෙසටත්, විශ්රාම වැටුප් විෂමතාව වහා විසඳන ලෙසත් ඉල්ලමිනුයි.
මෙම වර්ජනයට සමගාමීව පෞද්ගලික අංශය, අර්ධ රාජ්ය අංශය ඇතුළු සියලු සේවකයන්ද මෙවැනිම වෘත්තීය ක්රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

