ඉදිරි මාස 08 ඇතුලත ශ්රී ලංකාවේ වටිනාකමින් යුතු සියලු සම්පත්, රනිල් වික්රමසිංහ විසින් විකිණීමට සූදානම් කර ඇති බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක චෝදනා කරනවා.
ඒ අතරට ශ්රී ලංකා රක්ෂණ මණ්ඩලය, ටෙලිකොම්, හිල්ටන් හෝටලය, ලංකා හොස්පිටල්, ලිට්රෝ ගෑස් සමාගම, මිල්කෝ ආයතනය, ජාතික පශු සම්පත් මණ්ඩලය, පොස්පේට් නිධිය, ඛනිජ වැලි සම්පත් සහ මැණික් අයත් වන බවයි ඔහු සඳහන් කරන්නේ.
ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ශ්රී ලංකාව මුහුණ දෙන අර්බුදයේ මූලය, ණය ගැනීම සහ විකිණීම මත පදනම් වී ඇති බවත්, ඒ හැරුණු විය වෙනත් ආර්ථික උපාය මාර්ගයක් ශ්රී ලංකාව හඳුන්වා මොදීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවත් ය.

