පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ සීතාවක ඔඩිසි දුම්රිය හෙට සිට යළි සති අන්ත දිනවල ධාවනයට එක් කරන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය දැනුම් දෙනවා.
ඒ අනුව මෙම දුම්රිය හෙට සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ධාවනය කෙරෙන අතර, හෙට උදෑසන 8.25 ට කොළඹ කොටුවෙන් එය ගමන් ආරම්භ කරනු ඇති.
එය පස්වරු 6.50 ට අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් යළි කොළඹ කොටුව බලා පැමිණීමට නියමිතයි

