නැගෙනහිර සිරියාවේ ආයුධ සහ පතොරම් ගබඩා ස්ථාන දෙකක් ඉලක්ක කර ගනිමින් ඇමරිකාව විසින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමරිකාවේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවේ ඉරාකයේ සහ සිරියාවේ ඇති එක්සත් ජනපද කඳවුරු වෙත ඉරානයේ මිලීෂියා කණ්ඩායම් විසින් සිදු කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි.
එසේම මෙම ප්‍රහාරය ඊශ්‍රායලය සහ හමාස් අතර පවතින ගැටුමට කිසිදු සම්බන්ධයක් නොමැති බව ඔහු අවධාරණය කරනවා.
ඊශ්‍රායල-හමාස් යුද ගැටුම් ඔක්තෝබර් 07 වනදා ආරම්භ වූ පසු අමෙරිකානු සහ ඒකාබද්ධ හමුදා ඉරාකයේ දී 12 වතාවක් සහ සිරියවේදී සිව් වතාවක් ප්‍රහාරවලට ලක්වී තිබුණි.
එහි දී ඇමරිකානු හමුදා සාමාජිකයින් 21 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි පෙන්ටගනය සඳහන් කරන්නේ.

